Wednesday, August 22, 2012

හිමිදිරියේ සිතුවිලි





පිණිබර හිමිදිරියක
කොළ අතු අග සැලෙන පිණිබිදුවක
හිරුගේ ඡායාවට මෙපිටින්
සොයමි මම ඔබේ රුව
දැකගන්නට නෙතු පුරා

෴෴෴෴෴෴

Wednesday, August 15, 2012

දකින දේ සහ පෙනෙන දේ



පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරු වෙයි ලොව ගණ අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු



සුභාෂිතයේ කවියක්. ඇත්තටම මේ කවියේ කියවෙන කතාව මං අද කියන දේට සම්බන්ධ වෙන්නේ නෑ.ඒත් ලගින් යනවා..මේ කවියේ කියන විදියට ගුණ නැන බෙලෙන් යුතු පුතුට පුන් සද උපමා කරනවා.ඒත් ලෝකෙටම මුවා වෙලා ඒ පුන් සදට බැබලෙන්න එලිය දුන්නු හිරු ගැන කවුරුත් කතා කරනවද?

පුංචි ප්‍රශ්නයක්...

ඇත්තටම අපි අගය කරන්නේ අගය කල යුතු දේද? අපිට පේන දේද? තිරයෙන් එහාට අපි බලන්නේ නැද්ද? පොඩ්ඩක් හිතන්න වෙනවා. මේ ලෝකෙම එලිය කරන හිරුට වඩා තැනක් අපේ හිතේ හඳට තියෙනවා. හැබැයි හදට බැබලෙන්න ලෝකේ අදුරු කරලා දෙන හිරු ගැන කවුරුත් මතක් කරන්නේ නෑ. පෝය දාට හද එලිය ගැන මිස ඉර එලිය ගැන අපි කවුරුත් කතා කරන්නේ නෑ.



දැන් බලනවා ඇති මූට පිස්සුද මේ කොහේවත් ඉන්න ඉරයි හඳයි ගැන කියවන්නේ, කවුරු කාව එලිය කලාම මොකද අපිට එලිය ලැබෙනවනම් කියලා. ඒත් ප්‍රශ්නේ එතන නෙවෙයි. අපි වටේ ඉන්න අයටත් අපි ගොඩක් වෙලාවට සලකන්නේ එහෙම නේද? අපි පොඩ්ඩක් හිතමුද ඇත්තටම අපි අපේ මිත්‍රයන්ටද හිතවත් වෙන්නේ මිත්‍ර ප්‍රතිරූපකයන්ටද කියලා..

මොහොතක් හිතන්න. බුද්ධියට ඉඩ දෙන්න.. සැ.යු. 
පළවෙනි  ලිපිය.අමාරුවෙන් පද ගලප ගත්තට හිතට ඔහේ එන අමු අදහස් පිලිවෙලකට අකුරු කරන එකනම් ටිකක් මට හුරු නෑ වගේ.                      වැරදි තියේනම් සමාවෙන්න

තරු පිරි අමාවක



නිසංසල තරු රැසක්
දරාගෙන නිහඬ අහසක්
ඉකිබිදී ලොවට හොරා 
නොමැතිව පුර හඳක්...

෴෴෴෴෴෴

Saturday, August 11, 2012

පාරමිතා






කතා කල තරු ඇස් යලිත් දකින්නට
පෙරුම් පුරමි මම බවය පුරාවට
දෙනෙත පියා ගෙන විදිමි ඔබේ රුව
යලි දිනෙක ඔය වත දකින තුරාවට


෴෴෴෴෴෴෴෴