Wednesday, February 06, 2013

ඒ නුඹම නිසා...........



ආශ්වාසය
ප්‍රාශ්වාසය
හැම හුස්මකම දැවටෙන
ඔබේ කෙහෙරැල්වල සුවඳ

ලබ් ඩබ්
ලබ් ඩබ්
හැම ගැස්මක් එක්කම ඇහෙන
ඔබේ ලෙංගතු කටහඩ

සෑම සිතුවිල්ලකම දැවටුනු
මරණය කියන කොමාවෙන්
නවතීවීයැයි සිතාගෙන සිටින
ඔබේ මතකය

අඩු පඩු දික්කර විලිස්සාගත්
මකුළුවෙකු සේ
බොඳ කරයි දෑස
වසාලයි මනස

තරහක් නැත මරාදැමුවත්
මා
ඒ නුඹම නිසා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴