Sunday, March 17, 2013

නටඹුන් මතකය........


පට්ටම පරණ නටඹුන් වෙච්ච ටෙක්ස්ට් ඩොකියුමන්ට් ගොඩක් අදිද්දි අහුවුනු මමම ලියපු එකක්. කරුමෙට දිනේ දාලා නෑ.
බොහෝ දුරට 2012 ජුලි අගෝස්තු සැප්තැම්බර් කාලය වෙන්න ඕනේ.
අද වෙද්දි මේ කියන තරමටත් වඩා මම සාර්ථකයි. 

මීට මාස 10කට කලින් ඔයා මුනගැහුනු දවස, 
ඒ මොහොත මට අද වගේ මතකයි.

ඒක පාර්ශවික ආදරයක පරාජයේ වේදනාවත් විදගෙනම 
ඔයාව අමතක කරන්න හදන්නේ එදා ඉදපු මමද කියලා මටම පුදුමයි.

ඒත් ඇත්ත නම් මම තාමත් මමම තමයි. 
වුනේ මගේ දැක්ම ආයෙත් හරි පාරට වැටුන එක විතරයි. 
මම පහුගිය ටිකේ ඔයාව අමතක කරන්න උත්සහ කලා.
98% මම සාර්තකයි. 
මොකද ඔයත් දැන් මගේ ජීවිතේ එක කඩඉමක් විතරයි.
හැබැයි පොඩි පරහකට තියෙන්නේ කඩඉමක් හැටියට හරි ඔයා ඉන්නවා.
ඔයා හිතනවද මම ඔයා අමතක කලා කිව්වට ඔයාව මතක් වෙන්නේ නෑ කියලා. 
වෙලා තියෙන්නේ මම ඔයාව මතක් කරන ප්‍රමාණ අඩු කරපු එක විතරයි.

ඒත් ඉතින් ඒ පරිසරය, ඒ යාළුවො, ඒකාලේ ආයේ මතක් වෙනකොට 
ඔයත් අස්සෙන් රිංගන එකනම් සක්කරයටවත් බෑ..
ඒක සත්තයි..
ඒ වෙලාවට හදවත ගැහෙන එක නතර වෙනවා කියලා දන්නේ මම විතරයි. 
මගේ හදවත ගැහෙන හැටි අඩුගානේ ඔයාටවත් දැනුනා නම් මෙහෙම වෙනවයැ. 
තාම මගේ දවස උදා වෙලා නැතුව ඇති
සමහර විට කවදාවත්ම උදා නොවන ඒ දවස උදා වෙනකම් මම බලාගෙන ඉදිවි. 
හැබැයි මම බලන් හිටියට ඔයා ඉන්නෙ නෑනේ. 
එහෙම ඉන්න ඕනේත් නෑ.
ඔයා ඔයාගේ දවස හොයාගනිවි.
මාත් හොයා ගත්ත දවසක කියන්නම්.