පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරු වෙයි ලොව ගණ අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
සුභාෂිතයේ කවියක්. ඇත්තටම මේ කවියේ කියවෙන කතාව මං අද කියන දේට සම්බන්ධ වෙන්නේ නෑ.ඒත් ලගින් යනවා..මේ කවියේ කියන විදියට ගුණ නැන බෙලෙන් යුතු පුතුට පුන් සද උපමා කරනවා.ඒත් ලෝකෙටම මුවා වෙලා ඒ පුන් සදට බැබලෙන්න එලිය දුන්නු හිරු ගැන කවුරුත් කතා කරනවද?
පුංචි ප්රශ්නයක්...
ඇත්තටම අපි අගය කරන්නේ අගය කල යුතු දේද? අපිට පේන දේද? තිරයෙන් එහාට අපි බලන්නේ නැද්ද? පොඩ්ඩක් හිතන්න වෙනවා. මේ ලෝකෙම එලිය කරන හිරුට වඩා තැනක් අපේ හිතේ හඳට තියෙනවා. හැබැයි හදට බැබලෙන්න ලෝකේ අදුරු කරලා දෙන හිරු ගැන කවුරුත් මතක් කරන්නේ නෑ. පෝය දාට හද එලිය ගැන මිස ඉර එලිය ගැන අපි කවුරුත් කතා කරන්නේ නෑ.
දැන් බලනවා ඇති මූට පිස්සුද මේ කොහේවත් ඉන්න ඉරයි හඳයි ගැන කියවන්නේ, කවුරු කාව එලිය කලාම මොකද අපිට එලිය ලැබෙනවනම් කියලා. ඒත් ප්රශ්නේ එතන නෙවෙයි. අපි වටේ ඉන්න අයටත් අපි ගොඩක් වෙලාවට සලකන්නේ එහෙම නේද? අපි පොඩ්ඩක් හිතමුද ඇත්තටම අපි අපේ මිත්රයන්ටද හිතවත් වෙන්නේ මිත්ර ප්රතිරූපකයන්ටද කියලා..
මොහොතක් හිතන්න. බුද්ධියට ඉඩ දෙන්න..
සැ.යු.
පළවෙනි ලිපිය.අමාරුවෙන් පද ගලප ගත්තට හිතට ඔහේ එන අමු අදහස් පිලිවෙලකට අකුරු කරන එකනම් ටිකක් මට හුරු නෑ වගේ. වැරදි තියේනම් සමාවෙන්න
ඇත්ත සඳේ සිසිලස එලිය ආදිය කතා කරන අපි කවදාවත් සඳට එලිය දෙන ඉර ගැන කතා කරන්නේ නෑ . . හරියට සමාජයේ තාත්තලට තියෙන තැන වගේ තමා . . . :D
ReplyDeleteඒකත් එක තැනක්
Deleteඅත් කාචයක් වගේ එකක් නොමිලේ දුන්න නම් හොදයි අර චූට්යට තියන ටික කියවන්න
ReplyDeleteඅහඹූ අදහස් වල කොහෙද බන් පිළිවෙලක් ඒවා අපිළිවෙලට තියන කොට තමයි ලස්සන හරියට ස්භාවදර්මය වගේ
පෝස්ට් එකෙන් කියපු දේ ගැන කියනව නමි ඒක හොඳට කල්පනා කරලා බලන්න ඕනී දෙයක්
ඒක සූටියට ලිවේ නැත්තම් උඹ වගේ ඒක ප්රධාන මාතෘකාව කරගන්න නිසා :P
Deleteටිකක් හිතලා බලන්ටෝ