හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේදෝ පැනලා ගියපු ඔයා
මෙන්න ආයෙමත් ඇවිත්
තුවාල වෙච්ච මගේ හදවත
දොරකඩ පාමුල තියලා ගිහින්
ස්තූතියි..
විසි කරන්නේ නැතුව මට ආයේ දුන්නට
..................................
හීන ලෝකෙක තනිවුන කුමාරයෙක්ගේ වලාකුළු හීන සැඩ සුලඟට හසුවන්නට මොහොතකට පෙර...................