Wednesday, March 28, 2012

ගල්,මල් සහ හිත්



ගල් හිතක්....
මල් හිතක්......
ඔය සේරම හිත් එකයි.
මල් වගේ
කොච්චර ගල් වුනත්
හයියෙන් ඇල්ලුවොත් පොඩි වෙලා පෙති හැලෙනවා
...........................................................................................

Saturday, March 24, 2012

ආදරේ


ම හද රිදවන
ඔබව කලඹන
අපටත් හිමි නැති 
අපේ ආදරේ
............................

Wednesday, March 07, 2012

ඇය.................


අඬ සඳ නළලක්
නිල්මිණි දෙනෙතක්
නාදළු දෙතොලක්
වසාගෙන දගකරන
මුරණ්ඩු කෙස් රොදක්
මා දෑස වෙහෙසන වගනම්.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

දෙතොල්.................



නා දළු දෙතොලක 
පහස
දෙනෙතින් නොව
දෙතොලින් විදින්නට
මොහොතක් !!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Sunday, March 04, 2012

බිදෙන බඳුන්...............



කොයි වෙලේම හරි බිදේවි කියලා
දැනගෙන හිටියත්
මෙච්චර ඉක්මනට බිදේවි කියලා
හීනෙන්වත් හිතුවේ නෑ
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Saturday, March 03, 2012

නිහඬ කල්පනා-01



සීත නිසසල නිහඩ රැයක
හුදකලාවේ සිටින මොහොතක
සත්තකයි .....
නුඹ සිටියා නම් අසල
වෙන්නම් උණුසුම
සීත රාත්‍රියේ
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,..

ඔබේ නෙතු





දහසක් නෙතු අතර
ඔබේ නෙතු ලගම
මා නෙතු නැවතුනේ
දෛවයේ සරදමකටද?
දුටුදා පටන් ඔය නෙතු
හිමි මට තැවුල් පමණි

වරද



නොකල බව වරදක්
දනිමි මා සිත නිසැකවම‍
නමුදු ඔබ හද 
නොදෙයි ඉඩ මා හට.........