Sunday, December 23, 2012

බොද නොවන හීන


බොද වෙනා හීන අතරේ
බොද නොවනා එකම හීනයක් 
මකන්න දගලන මකනේ දිහා
බලාගෙන හිනාවෙවි ඉදලා
ගෙවිලා ගියපු මකනේ රොඩු ටිකට 
පිඹලා දැම්මා හයියෙන්ම......

බලාගෙන ඉදිද්දිම

මකනෙට මැකුනේ නැති හිනේ
කොලේ පිටින්ම හුලගේ ගියා

෴෴෴෴෴

Saturday, October 13, 2012

ආයෙමත් ඇවිත්



හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේදෝ පැනලා ගියපු ඔයා
මෙන්න ආයෙමත් ඇවිත්
තුවාල වෙච්ච මගේ හදවත
දොරකඩ පාමුල තියලා ගිහින්






ස්තූතියි..
විසි කරන්නේ නැතුව මට ආයේ දුන්නට
..................................

Monday, October 08, 2012

පන්නරය


දාන්තේ මර්සිදිට පෙම් නොබැන්දා නම්
දොංග්ලාර් ඉරිසියා නොකලා නම්
ෆෙර්නාන්ද් එරෙහි නොවුවා නම්
එද්මොන් හිරේ නොගියා නම්
ෆාරියා මුන නොගැහුනා නම්
එද්මොන් මළ මිනියක තැන ගන්න නිර්භිත නොවුවා නම්
මහ මුහුදේ සැතපුම් ගානක් නිරාහාරව පිහිනන්න ධෛර්යවන්ත නොවුනා නම්
නැවෙන් පැන ගන්න උපක්‍රමශිලී නොවුනා නම්
ඒ සේරටම වඩා සංයමයක් විනයක් හික්මීමක්  නොතිබුනා නම්


බිහි වෙයිද මොන්ත ක්‍රිස්තෝ...

බිහි වෙයිද ඒ වගේ ලස්සන කතාවක්

ලියන්න කතාවක් තියේවිද දියුමට


අපේ ජිවිත වලටත් ආවේ නැත්තම් රැල්ලක් දෙකක්

බිහි වෙවිද ලස්සන ජීවිතයක්


...............................

Wednesday, August 22, 2012

හිමිදිරියේ සිතුවිලි





පිණිබර හිමිදිරියක
කොළ අතු අග සැලෙන පිණිබිදුවක
හිරුගේ ඡායාවට මෙපිටින්
සොයමි මම ඔබේ රුව
දැකගන්නට නෙතු පුරා

෴෴෴෴෴෴

Wednesday, August 15, 2012

දකින දේ සහ පෙනෙන දේ



පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරු වෙයි ලොව ගණ අදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු



සුභාෂිතයේ කවියක්. ඇත්තටම මේ කවියේ කියවෙන කතාව මං අද කියන දේට සම්බන්ධ වෙන්නේ නෑ.ඒත් ලගින් යනවා..මේ කවියේ කියන විදියට ගුණ නැන බෙලෙන් යුතු පුතුට පුන් සද උපමා කරනවා.ඒත් ලෝකෙටම මුවා වෙලා ඒ පුන් සදට බැබලෙන්න එලිය දුන්නු හිරු ගැන කවුරුත් කතා කරනවද?

පුංචි ප්‍රශ්නයක්...

ඇත්තටම අපි අගය කරන්නේ අගය කල යුතු දේද? අපිට පේන දේද? තිරයෙන් එහාට අපි බලන්නේ නැද්ද? පොඩ්ඩක් හිතන්න වෙනවා. මේ ලෝකෙම එලිය කරන හිරුට වඩා තැනක් අපේ හිතේ හඳට තියෙනවා. හැබැයි හදට බැබලෙන්න ලෝකේ අදුරු කරලා දෙන හිරු ගැන කවුරුත් මතක් කරන්නේ නෑ. පෝය දාට හද එලිය ගැන මිස ඉර එලිය ගැන අපි කවුරුත් කතා කරන්නේ නෑ.



දැන් බලනවා ඇති මූට පිස්සුද මේ කොහේවත් ඉන්න ඉරයි හඳයි ගැන කියවන්නේ, කවුරු කාව එලිය කලාම මොකද අපිට එලිය ලැබෙනවනම් කියලා. ඒත් ප්‍රශ්නේ එතන නෙවෙයි. අපි වටේ ඉන්න අයටත් අපි ගොඩක් වෙලාවට සලකන්නේ එහෙම නේද? අපි පොඩ්ඩක් හිතමුද ඇත්තටම අපි අපේ මිත්‍රයන්ටද හිතවත් වෙන්නේ මිත්‍ර ප්‍රතිරූපකයන්ටද කියලා..

මොහොතක් හිතන්න. බුද්ධියට ඉඩ දෙන්න.. සැ.යු. 
පළවෙනි  ලිපිය.අමාරුවෙන් පද ගලප ගත්තට හිතට ඔහේ එන අමු අදහස් පිලිවෙලකට අකුරු කරන එකනම් ටිකක් මට හුරු නෑ වගේ.                      වැරදි තියේනම් සමාවෙන්න

තරු පිරි අමාවක



නිසංසල තරු රැසක්
දරාගෙන නිහඬ අහසක්
ඉකිබිදී ලොවට හොරා 
නොමැතිව පුර හඳක්...

෴෴෴෴෴෴

Saturday, August 11, 2012

පාරමිතා






කතා කල තරු ඇස් යලිත් දකින්නට
පෙරුම් පුරමි මම බවය පුරාවට
දෙනෙත පියා ගෙන විදිමි ඔබේ රුව
යලි දිනෙක ඔය වත දකින තුරාවට


෴෴෴෴෴෴෴෴

Tuesday, July 03, 2012

තවත් සිටිය යුතුද?????



නිසල සඳට 
මුහුදු රළට 
සඳ එලිය වැටි දිලිසෙන වෙරල තීරයට
කරදිය පින්නෙන් හිරිගඩු පිපෙන සීතලට පෙම් බැන්දෙමි..
අද නුඹත් නැත
සඳත් නැත
වෙරළ දිලිසෙන්නේද නැත
සීතල විට උණුසුම වන්නට ඔබත් නැත්තම් 
තවත් මා සිටිය යුතුද????



Monday, July 02, 2012

ආත්ම ප්‍රකාශය



.....................................................................................................
                                              අදුන ගන්න බැරි දුකක් ගුලි වෙලා  
                                                                                     - හදවත පාමුල හඩා වටෙනවා. 

                                              සනසන්නට වෙනදා එන ඔය නෙතු 

                                                                                     - ගිනි ගෙන දැවෙමින් බලා හිදිනවා

                                              වාවාගත මුත් කදුල නොහෙලා 

                                                                                    - ජීවිතයට තව දුරයි සිතෙනවා

                                              ඈතින් දිදුලන තරු එලියක් ගැන                                                       
                                                                                    - තවමත් මා අද සුසුම් හෙලනවා


෴෴෴෴෴෴෴෴෴෴෴

Wednesday, May 09, 2012

නිහඬ කල්පනා - 02



නිසල සඳ යට
නැගෙන රල පෙල
මවයි විසිතුරු
දසුන් වෙරලක
සුලග දැවටෙන
විටෙක මා ගත
නැගුනි සිහියට
මෙවැනිම සදක් යට
සමුගත් බව අප
යලි මුන නොගැසෙන්නට
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Monday, May 07, 2012

ජූරිය ඔබයි



ඇගේ උසාවියේ
පැමිනිල්ලද විත්තියද සාක්කියද 
මමම වූ කල
සාක්කිය ඇඩියාවක් ලෙස දකිද්දි
නිහැඩියාවද නිවට කමක් කියද්දි
කුමක් කරමිද යුධ වදිනු හැර
............................

Friday, May 04, 2012

බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න.............................


තද සීත සුලං හමාවි
කුණාටු පැමිනේවි
ඒත් පොප්ලර් ගස් එහෙම්ම තියේවි......

සිත කාලෙට කොල හැලුනට
ආයෙත් කොල එනවා
කුනාටු කාලෙට ගහ හෙලවුනාට
ආයෙත් වසන්තය එනවා
සත්තමයි
එතෙක්
.......බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න ......
..........................................................................

Saturday, April 21, 2012

කොහේ ගියාද???





හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේ ගියාද මන්දා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

සුභ පැතුමක්



සොදුරු සිනා මවනා
දිවිමග එලි කරනා
සොදුරු සිතැත්ති
සුභ උපන්දිනයක් වේවා
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Wednesday, March 28, 2012

ගල්,මල් සහ හිත්



ගල් හිතක්....
මල් හිතක්......
ඔය සේරම හිත් එකයි.
මල් වගේ
කොච්චර ගල් වුනත්
හයියෙන් ඇල්ලුවොත් පොඩි වෙලා පෙති හැලෙනවා
...........................................................................................

Saturday, March 24, 2012

ආදරේ


ම හද රිදවන
ඔබව කලඹන
අපටත් හිමි නැති 
අපේ ආදරේ
............................

Wednesday, March 07, 2012

ඇය.................


අඬ සඳ නළලක්
නිල්මිණි දෙනෙතක්
නාදළු දෙතොලක්
වසාගෙන දගකරන
මුරණ්ඩු කෙස් රොදක්
මා දෑස වෙහෙසන වගනම්.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

දෙතොල්.................



නා දළු දෙතොලක 
පහස
දෙනෙතින් නොව
දෙතොලින් විදින්නට
මොහොතක් !!
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Sunday, March 04, 2012

බිදෙන බඳුන්...............



කොයි වෙලේම හරි බිදේවි කියලා
දැනගෙන හිටියත්
මෙච්චර ඉක්මනට බිදේවි කියලා
හීනෙන්වත් හිතුවේ නෑ
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Saturday, March 03, 2012

නිහඬ කල්පනා-01



සීත නිසසල නිහඩ රැයක
හුදකලාවේ සිටින මොහොතක
සත්තකයි .....
නුඹ සිටියා නම් අසල
වෙන්නම් උණුසුම
සීත රාත්‍රියේ
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,..

ඔබේ නෙතු





දහසක් නෙතු අතර
ඔබේ නෙතු ලගම
මා නෙතු නැවතුනේ
දෛවයේ සරදමකටද?
දුටුදා පටන් ඔය නෙතු
හිමි මට තැවුල් පමණි

වරද



නොකල බව වරදක්
දනිමි මා සිත නිසැකවම‍
නමුදු ඔබ හද 
නොදෙයි ඉඩ මා හට.........

Tuesday, February 21, 2012

අසංකගේ සිතිවිල වලටත් අවසරයි ආයිබෝවන්ඩ....


අනිත් බ්ලොග් එකේ දිගටම ලිව්වේ ටෙක්නිකල් පෝස්ට් නිසාත් එක එක අදහස් මගේ හිතේ පොදි ගැහෙන නිසාත් මට හිතුනා වෙනම බ්ලොග් එකක හරි මේවා ලියලා දාන්න...මේවා හිතේ තියන් ඉන්න ඉන්න දුක මිසක් වෙන දෙයක් එන්නෙ නැති එකේත් කියන්න කෙනෙකුත් නැති එකේත් ඔන්න ඔහේ මම මේක ලියනවා...බලන අය බලන්න..ඒත් මේකට හිට්ස් ඕනේ නෑ මට