Monday, February 24, 2014

මඩ ගොහොරුවක පල් වෙනවද? නෙළුමක් වගේ උඩට එනවද


මම සියදිවි නසාගැනීම අනුමත කරන්නෑ.
මැරෙන්න ධෛර්යක් තියෙන මනුස්සයෙක්ට ඊට වඩා අඩු මහන්සියකින්, තමන්ට සියදිවි නසා ගන්න මුල් වෙච්ච හේතුව නැතිකරගතෑකි.අත්දැකීමෙන් දන්න දෙයක්.
ඒක නිසා ඒ කතාවේ අවසානය මම අමතක කලා....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.
දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහරු තමන්ගේ මුලු ජීවිතේම ගොඩ නගන්නේ තවත් කෙනෙක්ට අත්වැලක් වෙන්න. අත්වැල ඕන නැති කාලෙදි අතුරුදහන් වෙන්න. වාෂ්ප වෙලා යන්න. මතකයෙනුත්......
ඒ වගේ අය අපි අතර නැතුව නෙවෙයි. සමහර විට ඔබත් මාත් මේ දත කාගෙන දියුණු වෙන්න දගලන්නේ ඒකටද කියලා කවුද දන්නේ.....

ඒ වගේම තමා සමහරුන්ගේ ජීවිත මඩ ගොහොරුවල පල් වෙන්නේ එක පාරට උස්සලා හදෙන් තියන්නද කියලා අපි දන්නෙත් නෑ......

හැබැයි ඔය සේරම සිද්ධි අතරේ,
එකකට එකක් කිසිම විදියකට ගලපගන්න බැරි අතට අහුවෙන්නේ නැති ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති,

Sunday, February 02, 2014

හිතවතියකගෙන් ලැබුනු කව.......





සුබ පැතුමක් නාවත්
අමතක නොවු බව සිතමින්
ඉන්නට ආසයි 
මගේ බොළඳ සිත තාමත්

ආදරයක් නැත්තම්
කුමටද වෙර ගනු මෙතරම්
ඇතීන් සිටුමට ඔතරම් 
එනවද ඔබේ සිත තවමත් නුවර දැකගන්න හොරැහින්

සෙවිලි ඇදවෙයිද පියසේ 
කරුනු එය වෙයිද
සැකයේ සසල වෙනවාද යම්සේ 
සවන් වැකුනොත් මා නාදේ


෴෴෴෴෴


ඉදලා ඉදලා වේලසනින් නිදන්න ගිය දවසක,
මාව නින්දෙන් ඇහැරවපු මැසේජ් එකක්....
හිතවතියකගෙන්........ 

Wednesday, September 25, 2013

ඇය....................................






ලස්සන පිට කවරයක්,
පිටු මහ ගොඩක්,
තියෙන

පෙරවදනක්,
පිලිගැන්වුමක්,
නැති

පසුවදන ලියන්න තියෙන

පොතක්.....

කියවන්න හිත කොච්චර බල කලත්
පෙරලන්න අවසරයක් නැති

෴෴෴෴෴

Sunday, March 17, 2013

නටඹුන් මතකය........


පට්ටම පරණ නටඹුන් වෙච්ච ටෙක්ස්ට් ඩොකියුමන්ට් ගොඩක් අදිද්දි අහුවුනු මමම ලියපු එකක්. කරුමෙට දිනේ දාලා නෑ.
බොහෝ දුරට 2012 ජුලි අගෝස්තු සැප්තැම්බර් කාලය වෙන්න ඕනේ.
අද වෙද්දි මේ කියන තරමටත් වඩා මම සාර්ථකයි. 

මීට මාස 10කට කලින් ඔයා මුනගැහුනු දවස, 
ඒ මොහොත මට අද වගේ මතකයි.

ඒක පාර්ශවික ආදරයක පරාජයේ වේදනාවත් විදගෙනම 
ඔයාව අමතක කරන්න හදන්නේ එදා ඉදපු මමද කියලා මටම පුදුමයි.

ඒත් ඇත්ත නම් මම තාමත් මමම තමයි. 
වුනේ මගේ දැක්ම ආයෙත් හරි පාරට වැටුන එක විතරයි. 
මම පහුගිය ටිකේ ඔයාව අමතක කරන්න උත්සහ කලා.
98% මම සාර්තකයි. 
මොකද ඔයත් දැන් මගේ ජීවිතේ එක කඩඉමක් විතරයි.
හැබැයි පොඩි පරහකට තියෙන්නේ කඩඉමක් හැටියට හරි ඔයා ඉන්නවා.
ඔයා හිතනවද මම ඔයා අමතක කලා කිව්වට ඔයාව මතක් වෙන්නේ නෑ කියලා. 
වෙලා තියෙන්නේ මම ඔයාව මතක් කරන ප්‍රමාණ අඩු කරපු එක විතරයි.

ඒත් ඉතින් ඒ පරිසරය, ඒ යාළුවො, ඒකාලේ ආයේ මතක් වෙනකොට 
ඔයත් අස්සෙන් රිංගන එකනම් සක්කරයටවත් බෑ..
ඒක සත්තයි..
ඒ වෙලාවට හදවත ගැහෙන එක නතර වෙනවා කියලා දන්නේ මම විතරයි. 
මගේ හදවත ගැහෙන හැටි අඩුගානේ ඔයාටවත් දැනුනා නම් මෙහෙම වෙනවයැ. 
තාම මගේ දවස උදා වෙලා නැතුව ඇති
සමහර විට කවදාවත්ම උදා නොවන ඒ දවස උදා වෙනකම් මම බලාගෙන ඉදිවි. 
හැබැයි මම බලන් හිටියට ඔයා ඉන්නෙ නෑනේ. 
එහෙම ඉන්න ඕනේත් නෑ.
ඔයා ඔයාගේ දවස හොයාගනිවි.
මාත් හොයා ගත්ත දවසක කියන්නම්.


Wednesday, February 06, 2013

ඒ නුඹම නිසා...........



ආශ්වාසය
ප්‍රාශ්වාසය
හැම හුස්මකම දැවටෙන
ඔබේ කෙහෙරැල්වල සුවඳ

ලබ් ඩබ්
ලබ් ඩබ්
හැම ගැස්මක් එක්කම ඇහෙන
ඔබේ ලෙංගතු කටහඩ

සෑම සිතුවිල්ලකම දැවටුනු
මරණය කියන කොමාවෙන්
නවතීවීයැයි සිතාගෙන සිටින
ඔබේ මතකය

අඩු පඩු දික්කර විලිස්සාගත්
මකුළුවෙකු සේ
බොඳ කරයි දෑස
වසාලයි මනස

තරහක් නැත මරාදැමුවත්
මා
ඒ නුඹම නිසා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Thursday, January 31, 2013

නිදහස







නිදහස සොයා ගිලිහෙන්න තතනනා
පිණි බිඳුව නොදනී නුඹ
මරු කටට මෙහෙයවනා වග නුඹ
ගුරුත්වයේ යක්ෂ බලවේගය

෴෴෴෴෴෴෴




සේයාරුව - Pathum Niroshana Sumanasena

Sunday, December 23, 2012

බොද නොවන හීන


බොද වෙනා හීන අතරේ
බොද නොවනා එකම හීනයක් 
මකන්න දගලන මකනේ දිහා
බලාගෙන හිනාවෙවි ඉදලා
ගෙවිලා ගියපු මකනේ රොඩු ටිකට 
පිඹලා දැම්මා හයියෙන්ම......

බලාගෙන ඉදිද්දිම

මකනෙට මැකුනේ නැති හිනේ
කොලේ පිටින්ම හුලගේ ගියා

෴෴෴෴෴