Saturday, October 13, 2012

ආයෙමත් ඇවිත්



හොරෙන්ම ඇවිත්
තිබුනු එකම එක
හදවතත්
හොරකම් කරගෙන
කොහේදෝ පැනලා ගියපු ඔයා
මෙන්න ආයෙමත් ඇවිත්
තුවාල වෙච්ච මගේ හදවත
දොරකඩ පාමුල තියලා ගිහින්






ස්තූතියි..
විසි කරන්නේ නැතුව මට ආයේ දුන්නට
..................................

Monday, October 08, 2012

පන්නරය


දාන්තේ මර්සිදිට පෙම් නොබැන්දා නම්
දොංග්ලාර් ඉරිසියා නොකලා නම්
ෆෙර්නාන්ද් එරෙහි නොවුවා නම්
එද්මොන් හිරේ නොගියා නම්
ෆාරියා මුන නොගැහුනා නම්
එද්මොන් මළ මිනියක තැන ගන්න නිර්භිත නොවුවා නම්
මහ මුහුදේ සැතපුම් ගානක් නිරාහාරව පිහිනන්න ධෛර්යවන්ත නොවුනා නම්
නැවෙන් පැන ගන්න උපක්‍රමශිලී නොවුනා නම්
ඒ සේරටම වඩා සංයමයක් විනයක් හික්මීමක්  නොතිබුනා නම්


බිහි වෙයිද මොන්ත ක්‍රිස්තෝ...

බිහි වෙයිද ඒ වගේ ලස්සන කතාවක්

ලියන්න කතාවක් තියේවිද දියුමට


අපේ ජිවිත වලටත් ආවේ නැත්තම් රැල්ලක් දෙකක්

බිහි වෙවිද ලස්සන ජීවිතයක්


...............................