Sunday, March 17, 2013

නටඹුන් මතකය........


පට්ටම පරණ නටඹුන් වෙච්ච ටෙක්ස්ට් ඩොකියුමන්ට් ගොඩක් අදිද්දි අහුවුනු මමම ලියපු එකක්. කරුමෙට දිනේ දාලා නෑ.
බොහෝ දුරට 2012 ජුලි අගෝස්තු සැප්තැම්බර් කාලය වෙන්න ඕනේ.
අද වෙද්දි මේ කියන තරමටත් වඩා මම සාර්ථකයි. 

මීට මාස 10කට කලින් ඔයා මුනගැහුනු දවස, 
ඒ මොහොත මට අද වගේ මතකයි.

ඒක පාර්ශවික ආදරයක පරාජයේ වේදනාවත් විදගෙනම 
ඔයාව අමතක කරන්න හදන්නේ එදා ඉදපු මමද කියලා මටම පුදුමයි.

ඒත් ඇත්ත නම් මම තාමත් මමම තමයි. 
වුනේ මගේ දැක්ම ආයෙත් හරි පාරට වැටුන එක විතරයි. 
මම පහුගිය ටිකේ ඔයාව අමතක කරන්න උත්සහ කලා.
98% මම සාර්තකයි. 
මොකද ඔයත් දැන් මගේ ජීවිතේ එක කඩඉමක් විතරයි.
හැබැයි පොඩි පරහකට තියෙන්නේ කඩඉමක් හැටියට හරි ඔයා ඉන්නවා.
ඔයා හිතනවද මම ඔයා අමතක කලා කිව්වට ඔයාව මතක් වෙන්නේ නෑ කියලා. 
වෙලා තියෙන්නේ මම ඔයාව මතක් කරන ප්‍රමාණ අඩු කරපු එක විතරයි.

ඒත් ඉතින් ඒ පරිසරය, ඒ යාළුවො, ඒකාලේ ආයේ මතක් වෙනකොට 
ඔයත් අස්සෙන් රිංගන එකනම් සක්කරයටවත් බෑ..
ඒක සත්තයි..
ඒ වෙලාවට හදවත ගැහෙන එක නතර වෙනවා කියලා දන්නේ මම විතරයි. 
මගේ හදවත ගැහෙන හැටි අඩුගානේ ඔයාටවත් දැනුනා නම් මෙහෙම වෙනවයැ. 
තාම මගේ දවස උදා වෙලා නැතුව ඇති
සමහර විට කවදාවත්ම උදා නොවන ඒ දවස උදා වෙනකම් මම බලාගෙන ඉදිවි. 
හැබැයි මම බලන් හිටියට ඔයා ඉන්නෙ නෑනේ. 
එහෙම ඉන්න ඕනේත් නෑ.
ඔයා ඔයාගේ දවස හොයාගනිවි.
මාත් හොයා ගත්ත දවසක කියන්නම්.


19 comments:

  1. කඩයිමක් උන දෙයක් 100% අමතක කරන්න බැ ..
    කිව්වත් වගේ කරන්න පුළුවන් නොහිත ඉන්න එක විතරයි
    එක ලේසි .. එත් සමහර වෙලාවට ඒ මතයන් මතක් කිරීම වේදනාත්මක සුන්දර හැඟීමක් ..
    උඹ වගේම..මාත් එක දවසක් එනකම් බලන් ඉන්නවා ..
    ඒ මගේ දවසක් වෙනුවෙන් නෙමේ ..
    ඒ දවස උදාවුනු දවසට අපි එයාගේ ජිවිතේ කඩඉමක් ද නැද්ද කියන එක හරියටම දැන ගන්න පුලුවන්ව් ...

    (මොකද කියන්නේ ඊළඟ කැල්ල තවත් රසවත් කියන නියායට බහිමුද )

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහින් එක කෑල්ලක් වහ වුනොත් ආයෙම?

      Delete
  2. මචං මම හිතන්නෙ ගොඩ දෙනෙක් ගේ කථාව අඩු වැඩි වශයෙන් උඹේ කතාවට සමානයි, මාත් ඇතුළුව! උඹ මේක ලියලා තියෙන විදිහත් සිරා... :)

    ReplyDelete
    Replies
    1. හැමොම එක පාරක හරි වැටෙනවා බන්

      Delete
  3. පට්ටම පරණ කිව්වට ගොඩක්මත් ප‍රණ නැහැනෙ.එළ
    අසංකයා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් පරණම නෑ බන් ඒ මගේ හිත හදාගන්න
      තැන්කූ ආ

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්ම්
    ඔක්කොම හරියයි වෙලාව ආවම..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. දවසක අපිටත් හද පායාවි

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ උඹ ඔහොම වෙලා මම මෙහෙම උනේ

      Delete
  6. ඕක හරියට රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ තමා.

    විඳපු අය තමා දන්නේ ඒක.

    කරන්න ඕන රබර් බෝලෙට ඔහේ පාවෙලා යනන් ඉඩ දෙන එක මිසක් වතුර යටට කරලා ඔබාගෙන ඉන්න එක නෙමේ

    ReplyDelete
    Replies
    1. අනිවා. අමුතුවෙන් අමතක නොකර ගනන් නොගෙන හිටියාම ශේප්

      Delete
  7. Niyamai mchan....But Ochchara ganan ganna epa machoo...

    ReplyDelete
    Replies
    1. තව ගනන් ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

      Delete
  8. තලා මා සිත පලා ගිය උඹ
    දවයි මා හද
    තනිවනා මොහොතින්...

    ReplyDelete
    Replies
    1. දිනෙක හිරු බැස යන සැදෑවක
      සයුරු වෙරලක හුදකලාවෙක
      කල්පනාවේ සිටිය මොහොතක
      මතක් විය සිතුවිලි අතීතෙක

      Delete