Monday, February 24, 2014

මඩ ගොහොරුවක පල් වෙනවද? නෙළුමක් වගේ උඩට එනවද


මම සියදිවි නසාගැනීම අනුමත කරන්නෑ.
මැරෙන්න ධෛර්යක් තියෙන මනුස්සයෙක්ට ඊට වඩා අඩු මහන්සියකින්, තමන්ට සියදිවි නසා ගන්න මුල් වෙච්ච හේතුව නැතිකරගතෑකි.අත්දැකීමෙන් දන්න දෙයක්.
ඒක නිසා ඒ කතාවේ අවසානය මම අමතක කලා....

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්.
දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහරු තමන්ගේ මුලු ජීවිතේම ගොඩ නගන්නේ තවත් කෙනෙක්ට අත්වැලක් වෙන්න. අත්වැල ඕන නැති කාලෙදි අතුරුදහන් වෙන්න. වාෂ්ප වෙලා යන්න. මතකයෙනුත්......
ඒ වගේ අය අපි අතර නැතුව නෙවෙයි. සමහර විට ඔබත් මාත් මේ දත කාගෙන දියුණු වෙන්න දගලන්නේ ඒකටද කියලා කවුද දන්නේ.....

ඒ වගේම තමා සමහරුන්ගේ ජීවිත මඩ ගොහොරුවල පල් වෙන්නේ එක පාරට උස්සලා හදෙන් තියන්නද කියලා අපි දන්නෙත් නෑ......

හැබැයි ඔය සේරම සිද්ධි අතරේ,
එකකට එකක් කිසිම විදියකට ගලපගන්න බැරි අතට අහුවෙන්නේ නැති ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති,

නමුත් අපි නොදන්න හිත කියන තැනකට දැනෙන ආදරේ කියලා දේකුත් තියෙනවා.
මේ අවර්ණ ලෝකේ එක එක පාට කරන්නේ, ඒ ආදරේ.
ඒ හැගීම

ඒ ආදරේ ඇතුලේ ගැහැණියකට කියන්න පුලුවන් නමුත් පිරිමියෙකුට කියන්න බැරි ගොඩාක් දේවල් මේ අපි ජීවත් වෙන ක්‍රමය තුල තියෙනවා.ඒකට දේශ සීමා ආගම් ජාති වර්ණ භේද අදාල නෑ. සකල මිනිස් සංහතිය තුලම තියෙන දෙයක් ඒක. ඒ තමයි ගැහැණිය ඉදිරියේ පිරිමියාට අසරණ වෙන්න බෑ කියන එක. ඒත් පිරිමියා අසරණ වුන වෙලාවට මොකද කරන්නේ?
ලෝකේ වැඩිහරියක් පිරිමි මත් වෙන්නේ ඒකට.ඒ වචන ටික පිට කරගන්න බැරුව. සතුටට බොන මිනිස්සු ඇති නමුත් බහුතරේ එහෙමයි.

මං ආයෙම එනවා මුල්ම කොටසට. 
මනුස්සයෙක්ට මැරෙනවට වඩා අඩු ධෛර්යකින් තමන්ගේ ජීවිතේ වැරදි හදාගෙන ජීවත් වෙන්න පුලුවන්.
හැබැයි ජීවත් වීම වරදක් හැටියට දකින මනුස්සයෙක්ට වැරැද්ද හදාගන්න කරන්න තියෙන්නේ මොකක්ද?
හෘද සාක්ෂිය තුලින් පැන නැගෙන චෝදනා වලට උත්තර නැති වෙන කොට කරන්න දෙයක් තියෙනවද?
අන්න එතනදි මං රාහුල් ජයේකර්ව සාධාරණිකරණය කරනවා...

හැබැයි ඒ අපේ අයට ආදර්ශයක් වෙන්න නෙවෙයි.
ඔහු නොවිය යුතු තරම් සංවේදි,වගකීම් රහිත චරිතයක්.
මං මේක මෙච්චර කල් නොබලා හිටියේ බීලා බීලා නාස්ති වෙන චරිතයක් කියලා ගොඩක් අය කියලා තිබ්බ නිසා.
අද ගෙදර ඉදපු නිසාත්, කෙනෙක් කියපු නිසාත් බලන්න අරගෙන විනාඩි 10කින් මාව සම්පූර්ණයෙන්ම කතාවට ඇද ගත්ත කතාවක්.
බීලා බීලා නාස්ති වෙන චරිතයකට වඩා ඒ ඒ චරිත වල මානසික ස්වභාවය අත්දකින්න පුලුවන් නම්,
ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙන කතාවක්.....

ආ මම මේ කීවේ ආශික් 2 ගැන




ටික දවසකට කලින් ෆේස්බුක් එකේ ලියපු එකක්.. මෙතන ක්ලික් කරලා ඒකත් බලන්න පුලුවන්. දිගටම වෙන සියදිවි නසා ගැනීම් නිසා එක සිද්ධියක් මම දැකපු හැටි

2 comments:

  1. This is the hero of the so called y group... Grow up little boy .... World is bigger than u think ....

    ReplyDelete
    Replies
    1. I can't understand the connection between your cmnt ad my post.
      And I see you are a Shameless moron
      comment without a proper name for recognition
      commenting about me (not about my post) at my post
      commenting about a FB Group on a personal blog

      I think I shouldn't let comment to anonymous

      Delete