Thursday, January 31, 2013

නිදහස







නිදහස සොයා ගිලිහෙන්න තතනනා
පිණි බිඳුව නොදනී නුඹ
මරු කටට මෙහෙයවනා වග නුඹ
ගුරුත්වයේ යක්ෂ බලවේගය

෴෴෴෴෴෴෴




සේයාරුව - Pathum Niroshana Sumanasena

14 comments:

  1. හ්ම්ම්ම්ම්ම්..අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද.....

    ReplyDelete
    Replies
    1. අපිව නොදැනිම කොච්චර දේවලට ඇදෙනවද

      Delete
  2. පිපාසෙන් පෙලෙනා
    තම පෙම්වත් මහපොලවට
    ඇසිල්ලක අස්වැසුමකි
    ඈ සොයන්නේ
    පලායාමයි ඈ පැතුම
    සුව තණමන්දිරය හැරදා

    ReplyDelete
    Replies
    1. දුරින් හිද පෙම් කර
      සුමුදුයැයි සිතනා
      මහ පොලව
      දල රලුව බලා සිටිනු ඇත
      ඇය එන කල්හි.
      වැදි පොලවේ බිඳිති විසිරි ගිය කල
      අහෝ පෙමක සුව.....

      Delete
  3. මම නම් කවි දල්ලෙ ලැ .. :D

    ReplyDelete
    Replies
    1. කවි නම් මොනාද ලොක්කා

      Delete
  4. කරුම දිවියෙන් ,
    වෙන්ව ගොස් සදහටම,
    මියැදෙන්න හිතෙන්නැති,
    ජීවිතයට වඩා මරණය,
    සැපක්'යැයි සිතාන............

    ReplyDelete
    Replies
    1. ආයෙත් මුල ඉදන්ම එන්න වෙනවා......ජිවිතේටත්,පිණි බිඳුවටත්

      Delete
  5. අපි ලංකාවේ ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය ගේන වෙලාවේ ඒක කරන්නම ඕන කියලා කඩේ ගියේ එකෙන් පාලකයට ඕන ඕන විදිහට අපිට කෙලවන්න පුලුවන් කියලා නොදැන.

    ගෑනු සීයක් එක්ක නිදිවැද්ද සතුටට පාර්ටි දාපු ගෑනු ලමයි දූෂණය කරලා හිරේ දාපු සාරුවා සුනිල් ව නිදහස් කරනු කියලා පෙලපාලි ගියේ මේ වගේ හෙට මගේ දරුවා දූෂණය කරන්නෙත් මූ හරි මූ වගේම එකෙක් කියලා නොදැන.

    අග්‍රවිනිශ්චයකාරිය ගෙදර යවන්න කියලා රුපියල් පන්සීයට අරක්කු වීදුරුවට පෙලපාලි ගියේ අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන එකෙන් හෙට මට කෙල උනොත් මගේ ගැන බලන්න හිටි අන්තිම දේත් නැති වෙනවා කියලා නොදැන . .

    මේ ඔක්කෝම දේවල් ඔයා වචන කීපෙකින් ලිව්ව හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අපිව මෙහෙයවන ගොඩක් දේවල් කරන්නේ මොකක්ද කියලවත් නොදැන අපි රැවටෙනවා. සමහර වෙලාවට ආපහු හැරිමක් නැති තරම් දුරට ඉස්සරහටත් යනවා.

      Delete
  6. ගුරුත්වයට අනං මනං කියන්න එපා ඈ....

    ReplyDelete
    Replies
    1. අනම්මනම් කියලා බෑ මරලා දාන්න ඕනේ. ඕකා නොහිටියනම් අරුගේ ඔලුවට ඇපල් ගෙඩිය වැටෙන්නෑ. අපිට වද දෙන්නෙත් නෑ. තූ නොදකින් ඔය ගුරුත්වය

      Delete
  7. එය එසේ සිදුවූ කල
    සනසගමු අපි හිත..
    මන්ද යත්..එය,
    නිසාවෙන පිණි බිඳුවක්....!

    ReplyDelete
    Replies
    1. පිණි බිදුවත් වටින වෙලාවක් එයි

      Delete